දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා නියුතු නොවන සෙසු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්රේණියටබඳවා ගැනීම.
Published on November 3, 2026, 11:09 am | 64 views
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා රජයේ සේවයේනියුතු නොවන සෙසු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්රේණියටබඳවා ගැනීම.
උක්ත බඳවා ගැනීමට අදාළව 2026.10.14 දින පළ කරන ලද ලේඛන අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය, වේලාව, ස්ථානය හා සම්මුඛ පරීක්ෂණ මණ්ඩල අංකය පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛන, එක් එක් පළාතට හා මාධ්‍යයට අදාළව (පූර්ණකාලීන ආබාධ සහිත අයදුම්කරුවන් ද ඇතුළුව) 2026.10.30 දින සිට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
එසේම, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සම්බන්ධ උපදෙස් ඇතුළත් G3සහ G4 උපදෙස් පත්‍රිකා හා සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතු ලේඛනවලට අදාළ F2, F3, F4 සහ F5 ආකෘති පත්‍ර ද ඉහත ලේඛන සමග පළ කර ඇති අතර, එකී උපදෙස් පරිදි නියමිත දින නියමිත වේලාවට අදාළ ලේඛන ද සමඟ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි. තවද මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි එක් එක් අයදුම්කරු විසින් අයදුම්පත්රහි දක්වන ලද ලිපිනයන් වෙත 2026.11.02 දින සිට ලියාපදිංචි තැපෑල මගින් යොමු කිරීමට ද මෙම අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බව ද දන්වමි.
-නාලක කලුවැව-
(ලේකම්)