“වසරේ විදුහල්පතිවරයා” සම්මානය දිනා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන් සමත් වෙයි !
Published on October 10, 2026, 4:54 pm | 172 views
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන “ගුරු ප්‍රතිභා ප්‍රභා” ගුරු හා විදුහල්පති ඇගයීම – 2026 වැඩසටහන යටතේ පිරිනමනු ලබන “වසරේ විදුහල්පතිවරයා” සම්මානය දිනා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සමත්ව තිබේ.
දූරදර්ශී නායකත්වය, කැපවීම සහ පාසලේ අධ්‍යාපනික හා සමස්ත සංවර්ධනය වෙනුවෙන් සිදුකරන මෙහෙවර ඇගයීමට ලක් කරමින් පිරිනැමුණු මෙම සම්මානය තර්ස්ටන් විද්‍යාලයට මෙන්ම එහි සමස්ත පාසල් ප්‍රජාවටද විශේෂ අභිමානයක් එක් කරයි.