Product Image Preview
Storybooks Middle School (10+)

Senkottan By Mahinda Prasad Masimbula

Price (LKR) Rs. 950.00 Rs. 850.00
Only 5 left in stock

Item Description

Title of the work /කෘතියේ නම - Senkottan I සෙංකොට්ටං

Author / කතෘ - Mahinda Prasad Masimbula I මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Pages / පිටු ගණන - 162

ඒ අපුරු වූ සුවඳේ කතාන්දරය...

“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල, කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදි මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑනි කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියෙනවා... ඒ කිරිඅම්මා කිවුවා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැත්තේ ය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතුම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය

තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල... බලාපං

රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියල. ඕනෑ ම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ .


View Cart 0